by Staff writer 25-10-2019 | 9:32 AM
COLOMBO (News 1st) - දුම්රිය පීළි පැනීමක් හේතුවෙන් අඩාල වී තිබූ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.
දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව අද අලුයම සිට කොළඹ සිට මඩකලපුව දක්වා දුම්රිය ගමන් යළි ආරම්භ කළ බව ය.
අවුකන උප දුම්රිය ස්ථානය ආසන්නයේදී කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රිය පසුගිය සඳුදා රාත්‍රියේ පීළි පැනීමකට ලක් විය.
ඒ හේතුවෙන් ත්‍රිකුණාමලය සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය සිදු නොවීය.