කොකේන් සමග විදෙස් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

පෑලියගොඩදී කොකේන් සමග විදෙස් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 25-10-2019 | 9:23 AM
COLOMBO (News 1st) - පෑලියගොඩ ඔලියමුල්ල ප්‍රදේශයේදී කොකේන් ග්‍රෑම් 208ක් සමග නයිජීරියානු ජාතික පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කැලණිය කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය ඊයේ රාත්‍රියේ කළ මෙහෙයුමකදී ය. 35 සහ 44 හැවිරිදි එම නයිජීරියානු ජාතිකයින් දෙදෙනා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.