by Staff writer 25-10-2019 | 7:27 PM
COLOMBO ( News 1st ) - උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලට හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, දිවයිනට ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ය.
එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100- 150 ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.