නිදන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට...

නිදන් හාරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 25-10-2019 | 7:25 PM

COLOMBO ( News 1st ) - හඟුරන්කෙත අධිකාරීගම ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

හඟුරන්කෙත අධිකාරීගම වික්ටෝරියා රක්ෂිතයට අයත් භූමියක මෙලෙස නිදන් හෑරීම සිදු කර ඇත. ඊයේ පස්වරුවේ හඟුරන්කෙත පොලීසියට ලද තොරතුරකට අනුව වැටලීම සිදු විය. අදාළ පිරිස සුඛෝපභෝගී මොටර් රථයකින් එම ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන් සතුව තිබී කළු ගල් විදීමට ගන්නා උපකරණ තොගයක් ද පොලීසිය සිය භාරයට ලෙන තිබේ. සැකකරුවන් 7 දෙනාගෙන් දෙදෙනෙක් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සෙසු පිරිස මාතර කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.