by Staff writer 25-10-2019 | 10:38 PM
COLOMBO ( News 1st ) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධික පොලියක් යටතේ ණය ගෙන ලංකාව ණය ගැති රටක් බවට පත් කර ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙලෙස අධික පොලියක් යටතේ ණය ලබා ගැනීම නිසා ජනතාවගෙන් වැඩි බදු අය කිරීමට සිදුව ඇති බවයි.
මේ නිසා රට බංකොලොත් වීම වැළැක්වීමට විවිධ ක්‍රියාවන් කිරීමට සිදුව ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දේ.
එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කරන්නේ ලංකාව 2019 දී ඩොලර් මිලියන 4500ක් විදේශ ණයක් ගෙවීමට නියමිත නමුත් එයින් 70% හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ණය බවයි.