අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප

අත්අඩංගුවට ගත් සරසවි සිසුන්ට ඇප

by Staff writer 25-10-2019 | 4:27 PM

COLOMBO ( News 1st ) - අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 52 ක් අද ඇප මත මුදා හැරිණි.

ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, එක් සිසුවෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස ය. ඊයේ පස්වරුවේ කොළඹ පැවති සරසවි සිසු විරෝධතාවක් විසුරුවා හැරීමේදී සිසුන් 53 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කර ඇත. සිසුන් අත්අඩංගුවට ගැනුණේ මහජන පීඩාව සහ අයුතු ජනරාශිය යන චෝදනා යටතේ ය. සිසුන් 51 ක්, ශිෂ්‍යාවක් සහ ශිෂ්‍ය භික්ෂුන්වහන්සේ නමක් ද ඒ අතර සිටී. එක් සිසුවෙකු ලබන මස 08 වනදා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එම සිසුවා සම්බන්ධ වෙනත් නඩුවක් අධිකරණයේ පවතින බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.