එක්සත් අරාබි එමීර් රාජ්‍යට පැන වූ සංචාරක තහනම ඉවතට

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යට පැන වූ සංචාරක තහනම ඉවතට

by Staff writer 24-10-2019 | 7:32 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය එරට වැසියන්ට නිකුත් කර තිබූ සංචාරක තහනම ඉවත් කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය සමග අමාත්‍යාංශ ලේකම්වරයා කළ සාකච්ඡාවකින් අනතුරුව එය ඉවත්කර ඇති බවයි. අත්‍යවශ්‍ය කාරණයකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි එරට වැසියන්ට දැනුම් දෙන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාල නිල ට්විටර් ගිණුමේ පසුගිය දා සටහන් කර තිබුණි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව එම ට්විටර් පණිවුඩය ද ඉවත් කර ගෙන ඇත.