by Staff writer 24-10-2019 | 9:11 AM
COLOMBO ( News 1st ) - හිඟුරක්ගොඩ, කාන්ගිය ප්‍රදේශයේදී යතුරුපැදියක් විදුලි කණුවක ගැටී අනතුරක් සිදු විය.
ඊයේ පස්වරු 6.30ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර කාන්ගිය ප්‍රදේශයේ සිට හිගුරක්ගොඩ ප්‍රදේශයට ගමන් කළ යතුරුපැදියක් මෙලෙස අනතුරට ලක් විය.
යතුරුපැදිකරු බරපතල තුවාල ලබා හිඟුරක්ගොඩ, ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා 52 හැවිරිදි හඹරණ ගල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.