by Staff writer 24-10-2019 | 2:58 PM
COLOMBO (News 1st) : මුලතිව්, නයාරු මුහුදේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශයේ කළ මුර සංචාරයක් අතරතුර මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය සහ පුල්මුඩේ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
නීතිමය කටයුතු සඳහා සැකකරුවන් මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දුන් බව නාවික හමුදාව සඳහන් කළේ ය.