by Staff writer 24-10-2019 | 3:57 PM
බංග්ලාදේශ සිසුවියක වන නුස්රත් ජහාන් රාෆි ගිනි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ විත්තිකරුවන් 16 දෙනෙකුට අද එරට අධිකරණයක් මරණ දඬුවම නියම කළේ ය.
ඇයගේ ඝාතනයෙන් බංග්ලාදේශය කම්පාවට පත්වූ අතර ඇය වෙනුවෙන් යුක්තිය ඉටුකරන්නැයි ඉල්ලා එරට පුරා විරෝධතා රැසක් පැවැත්විණ.
බංග්ලාදේශය වැනි රටක මෙතරම් සුළු කාලයක් තුළ නඩුවක තීන්දුවක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙයයි.
සිය පාසලේ ප්‍රධාන ආචාර්යවරයා තමන් අනිසි ලෙස ස්පර්ශ කළ බව නුස්රත් පොලීසියට පැමිණිලි කර දින 11 කට පසුව පාසලේ තුළදී ඇයව ගිනිතබා ඝාතනය කර තිබිණ.
ඒ, එම පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නැයි, කළ ඉල්ලීම ඇය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවයි.