පැය 24 ක් තුළ ජනපතිවරණයට අදාළ පැමිණිලි 126ක්

පැය 24 ක් තුළ ජනපතිවරණයට අදාළ පැමිණිලි 126ක්

by Staff writer 24-10-2019 | 3:47 PM
COLOMBO (News 1st) : පැය 24 ක කාලයක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 126 ක් ලැබී ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ඊයේ පස්වරු 4.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ නීති උල්ළංඝනය කිරීම් සම්බන්ධව 115 ක් සහ වෙනත් පැමිණිලි 11 ක් ලැබී ඇති බවයි. පසුගිය 8 වන දා සිට දින 17 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1485 ක් ලැබී තිබේ.