පළාත් රැසකට අද තද වැසි...

පළාත් රැසකට අද තද වැසි...

by Staff writer 24-10-2019 | 8:13 AM

COLOMBO (News 1st) - බස්නාහිර, වයඹ, උතුර, දකුණ සහ සබරගමුව පළාත්වලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වැසි ඇතිවන අවස්ථාවල තද සුළං මෙන්ම ප්‍රබල අකුණු ද ඇති විය හැකි අතර ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර දිස්ත්‍රික්ක 4 කට නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ රත්නපුර, බදුල්ල, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්ක සඳහායි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ, අද පස්වරු 4.00 දක්වා එය බලපැවැත්වෙන බවයි.