by Staff writer 24-10-2019 | 5:14 PM
COLOMBO (News 1st) : බස්නාහිර, වයඹ , උතුර, දකුණ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට අද රාත්‍රියේ මිලිමිටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, හෙට දිනයේ වයඹ, උතුර, බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර මුහුදේ සුළං වේගය ද පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි වේ.
ඒ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු වයඹ ප්‍රදේශයෙන් මුහුදු යාමෙන් වළකින්නැයි, ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙයි.