ගුරු සංගමයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක්

ජාතික පාසල්වලට පමණ ඉක්මවා සිසුන් ඇතුළත් කර ඇති බවට ගුරු සංගමයෙන් චෝදනා

by Staff writer 24-10-2019 | 7:30 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණය ඉලක්ක කර ජාතික පාසල්වලට ප්‍රමාණය ඉක්මවා සිසුන් ඇතුළත් කර ඇති බවට ලංකා ගුරු සංගමය ජාතික මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාර්ලිං මහතා සඳහන් කළේ, පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 35 ක් වුව ද මේ වනවිට පාසල් රැසක එම මට්ටම ඉක්මවා ඇති බවයි. අප මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. රත්නායක මහතාගෙන් විමසීමක් කළෙමු. ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි. එහෙත් මේ වන විට ජාතික පාසල්වල වසර තුනක සිට ඉගැන්වීම් කරන ගුරුවරුන්ගේ දරුවන් එම පාසලට ඇතුළත් කිරීමට අවස්ථාවක් දී තිබේ. එම ක්‍රියාවලිය යටතේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය ප්‍රමාණය පිළිබඳ සැලකීමක් නොදක්වන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, එවැනි අවස්ථාවක පන්තියක සිටිය යුතු ශිෂ්‍ය ප්‍රතිශතය ඉහළ යා හැකි බවයි.