by Staff writer 24-10-2019 | 10:35 AM
COLOMBO ( News 1st ) - අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමට තිබූ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළට හරවා යවා තිබේ.
ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, නවදිල්ලි නුවර සිට එම ගුවන් යානය මෙරටට පැමිණි බව ය.
එම ගුවන් යානය පෙරවරු 9.30ට මත්තල ගුවන් තොටුපොළට ගොඩබා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.