අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට

2020 පළමු මාස 4 සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට

by Staff writer 23-10-2019 | 1:12 PM

COLOMBO ( News 1st ) - මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2020 වර්ෂයේ පළමු මාස හතර වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

2020 වසරේ ජනවාරි පළමු වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කෙරුණු අතර එහි වටිනාකම රුපියල් බිලියන 1474 කි. ජනාධිපතිවරණය හේතුවෙන් මෙම වසර අවසානයේ අයවැය ලේඛනයක් ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. අදාළ කාල සීමාව තුළ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 721 කි.