හම්බන්තොට නගරාධිපති ඇප මත මුදා හැරේ

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇප මත මුදා හැරේ

by Staff writer 23-10-2019 | 3:44 PM
COLOMBO (News 1st) - හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අද ඇප මත මුදා හැරිණි. ඒ, හම්බන්තොට මහාධිකරණ විනිසුරු ටාමර තෙන්නකෝන් මහතා විසිනි. එරාජ් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් මහාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කළ අතර එය සලකා බැලීමෙන් අනතුරුව අද ඔහු ඇප මත මුදා හැරිණි. හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට සහ තවත් අයෙකුට හම්බන්තොට පළාත්බද මහාධිකරණය පසුගිය අගෝස්තු 02 වන දා වසර 6ක සිර දඬුවම් නියම කළේ ය. ඒ, 2014 වසරේ අප්‍රේල් මාසයේදී හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමකට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමේ සිද්ධියට අදාළව ය.