රූපවාහිනී විවාදයකට සජිත්ගෙන් ගෝඨාභයට ඇරයුමක්

රූපවාහිනී විවාදයකට සජිත්ගෙන් ගෝඨාභයට ඇරයුමක්

by Staff writer 23-10-2019 | 8:57 PM

COLOMBO ( News 1st ) - සියලුම රට වැසියන්ට දැක බලා ගත හැකි ආකාරයට රූපවාහිනිය හමුවේ සජිවී විවාදයකට පැමිණෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ආරාධනා කර තිබේ.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ, සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ය. ඡන්දදායකයින් ඉදිරියේ තම ප්‍රතිපත්ති හා දර්ශනයන් සම්බන්ධයෙන් එකිනෙකාට මෙහිදී ප්‍රසිද්ධියේම අදහස් ප්‍රකාශ කිරීමට හැකි බව ද දක්වා තිබේ. ශක්තිමත් අපේක්ෂකයෙකු තම ප්‍රතිවාදියා සමග ලේඛනගත නොකරන ලද අදහස් හුවමාරුවක යෙදීමට බිය විය යුතු නැති බව ද මෙහිදි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.