මාස්ටර් සමුගෙන 11 වසරක් - බලන් කඩතුරා හැර දෑසේ

මාස්ටර් සමුගෙන 11 වසරක් - බලන් කඩතුරා හැර දෑසේ

by Staff writer 23-10-2019 | 5:55 PM

COLOMBO ( News 1s ) - ප්‍රවීණ සංගීතවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ 11 වන ගුණ සමරුව නිමිත්තෙන් හෙට සුවිශේෂී ප්‍රසංගයක් පැවැත්වේ.

ඒ, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිත ය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සැමරුම් ස්වර භාෂණ අත්දැකීම "බලන් කඩතුරා හැර දෑසේ" ලෙස එය නම් කර තිබේ. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ, අපූරු ගීතාවලියක මිහිර සමඟින් එම ප්‍රසංගය සංවිධානය කරනු ලැබ ඇත්තේ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස පදනම විසිනි. මේ සඳහා ඕනෑම අයෙකුට නොමිලේ සහභාගී විය හැකියි. 1937 වසරේ ජනවාරි 25 වැනිදා වාද්දුවේදී උපන්, ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් 2008 වසරේ ඔක්තෝබර් 24 වනදාවක දෙනෙත් පියාගත්තේ ලාංකේය සංගීත කලාව තුළ විශාල හිඩැසක් ඉතිරි කරමින් ය.