බ්‍රිතාන්‍යයේ කන්ටේනරයකින් මළ සිරුරු 39ක් සොයා ගනී

බ්‍රිතාන්‍යයේ එසෙක්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක් තුළ තිබී පුද්ගල මළ සිරුරු 39ක් සොයා ගැනේ

by Staff writer 23-10-2019 | 3:12 PM
(News 1st) - බ්‍රිතාන්‍යයේ එසෙක්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක් තුළ තිබී පුද්ගල මළ සිරුරු 39ක් සොයා ගෙන තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, බල්ගේරියාවේ සිට එම කන්ටේනරය පැමිණ ඇති බව ය. සිද්ධිය සම්බන්ධයෙන් 25 හැවිරිදි උතුරු අයර්ලන්ත ජාතික රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. බල්ගේරියාවේ සිට බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙමින් සිටි පිරිසක් එලෙස මිය ගොස් ඇති බවට සැක පළ වේ.