පන්නිපිටියේදී 18 හැවිරිදි තරුණයෙකු ඝාතනය කෙරේ

පන්නිපිටියේදී 18 හැවිරිදි තරුණයෙකු ඝාතනය කෙරේ

by Staff writer 23-10-2019 | 8:36 AM
COLOMBO (News 1st) - මහරගම දෙපානම පන්නිපිටිය පුද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිටදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම 12.20ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව ය. මිය ගොස් ඇත්තේ, 18 හැවිරිදි පන්නිපිටිය දෙපානම බොරැල්ල පාර ප්‍රදේශයේ තරුණයෙකි. මෘත ශරීරය මේ වන විට හෝමාගම රෝහලේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.