by Staff writer 23-10-2019 | 11:25 AM
COLOMBO (News 1st) - මහරගම පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේදී පහර දී තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, දීර්ඝ කාලයක සිට පැවති පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව ය.
මීට පෙර ද දෙපිරිස අතර ගැටුම් හටගෙන ඇති බව මෙතෙක් කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මහරගම පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ පුද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිටදී පහර දී මෙම තරුණයා ඝාතනය කර තිබිණි.
පොලීසිය සඳහන් කළේ, අද අලුයම 12.20ට පමණ ඝාතනය සිදුව ඇති බව ය.
මිය ගොස් ඇත්තේ, 18 හැවිරිදි පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ තරුණයෙකි.