TNA මන්ත්‍රීවරුන් විශේෂ සාකච්ඡාවක

ජනපතිවරණයේදී කුමන පාර්ශවයට සහය දෙන්නේදැයි TNA මන්ත්‍රීවරුන් සාකච්ඡාවක

by Staff writer 23-10-2019 | 10:37 PM

COLOMBO ( News 1st ) - දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ පස්වරු 2.00ට පමණ ආරම්භ වූ අදාළ සාකච්ඡාව පස්වරු 4.30 පමණ දක්වා පැවැති බව ය. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, ඩී. සිද්ධාර්ථන්, එස්. සිව මෝහන් හා එස්. යෝගේෂ්වරන් යන මහත්වරුන් පිරිසක් මීට එක්ව සිටියහ. අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේදී සිය සන්ධානයේ සහය කවුරුන් වෙත ලබා දෙන්නේ දැයි මෙහිදී සාකච්ඡා කළ බව ය. එම තීරණය ලබන සතියේ ප්‍රකාශ කරන බව ද ඔහු නිව්ස්ෆස්ට් වෙත කියා සිටියේ ය.