ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 23-10-2019 | 7:22 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ දියණිය අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව අමෙරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය විසින් ඉවත දමා තිබේ. 2. මාධ්‍ය නිදහස තවදුරටත් සුරක්ෂිත කරන බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී සහතික විය. 3. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මාවතකට යොමු කර ගැනීම කාලීන අවශ්‍යතාවක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. 4. රුපියල් මිලියන 39කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 5. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නව රජයක් පිහිටුවීමට නොහැකි බව නිවේදනය කළේ ය. ක්‍රීඩා පුවත් 6. 2019 ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය තෝරා පත් කර ගෙන තිබේ.