අප්‍රේල් ප්‍රහාරය: පාර්ලිමේන්තු කමිටුවෙන් නිර්දේශ

අප්‍රේල් 21 ප්‍රහාරය ගැන විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුවෙන් නිර්දේශ 8ක්

by Staff writer 23-10-2019 | 9:45 PM

COLOMBO ( News 1st ) - අප්‍රේල් 21 ප්‍රහාරය ගැන විමර්ශනය කළ කමිටුවේ වාර්තාව පිළිබඳව අද මාධ්‍ය හමුවක් පැවැත්වුණි.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ අදාළ කමිටුවේ සෙසු සාමාජිකයින් වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, එම්.ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර පාර්ලිමේන්තු කමිටුව සිය වාර්තාවෙන් වහා අවධානය යොමු කළ යුතු නිර්දේශ 8ක් ඉදිරිපත් කර තිබේ. එම කරුණු පහත පරිදි වේ.
  • ආරක්ෂක සහ බුද්ධි අංශවල අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ
  • ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
  • ආගමික අන්තවාදයේ නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව
  • අධිකරණ ප්‍රමාද සම්බන්ධයෙන් කටයුතු කිරීම
  • වහාබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම
  • මාධ්‍ය වාර්තාකරණය
  • දේශපාලනඥයින් ජනතා නියෝජිතයින් වගවීමට සැලැස්වීම
  • නැගී එන අන්තවාදය මැඩීම පිණිස අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ