අගමැති අද ජනපති කොමිසමට කැඳවයි

අගමැති අද ජනපති කොමිසමට කැඳවයි

by Staff writer 23-10-2019 | 7:28 AM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබේ. ඒ, මත්තල ගුවන්තොටුපොළේ ගබඩාවල වී ගබඩා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළ සාක්ෂි ලබා දීම සඳහා ය. මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමෙන් එහි දේපළවලට වූ හානිය පිළිබඳව මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍ය දයා ගමගේ මහතා ද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ය.