වැල්ලම්පිටියේදී හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

වැල්ලම්පිටියේදී හෙරොයින් කිලෝ 1ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

by Staff writer 22-10-2019 | 8:41 AM
COLOMBO (News 1st): වැල්ලම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 107 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත  මෙම වැටලීම සිදු කර ඇති අතර හෙරොයින් සමග එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 15 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ද තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.