යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් දිවයිනට

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් දිවයිනට

by Staff writer 22-10-2019 | 8:11 AM
COLOMBO (News 1st) : යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම අද සිට ජනාධිපතිවරණයේ නිරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ සඳහා 30 දෙනෙකුගෙන් යුත් නිරීක්ෂකයින් කණ්ඩායමක් දිවයිනට පැමිණියේ ය. යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු හා පසු සිදුවීම් නිරීක්ෂණය කරනු ඇති. මේ අතර පනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා යුරෝපා සංගමයේ තවත් කෙටි කාලීන නිරීක්ෂකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නොවැම්බර් 12 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණමට නියමිත බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේ ය. එමෙන් ම සාර්ක් කලාපීය රටවල නිරීක්ෂකයින් පිරිසක් ද මැතිවරණ කොමිසමේ ආරාධනය මත නොවැම්බර් 12 වන දා දිවයිනට පැමිණීමට ද නියමිතයි.