මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන බවට සජිත්ගෙන් ප්‍රතිඥා

මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන බවට සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රතිඥා

by Staff writer 22-10-2019 | 8:27 PM
COLOMBO (News 1st) - මාධ්‍ය නිදහස තවදුරටත් සුරක්ෂිත කරන බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී සහතික විය. දිනූ නිදහස රැක ගනිමු, ඒකාධිපතීත්වයට වැට බඳිමු යන තේමාවෙන් සම්මන්ත්‍රණය පැවැත්වුණේ කොළඹ පදනම් ආයතනයේදී ය. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ එකමුතුව එය සංවිධාන කර තිබූ අතර මාධ්‍යවේදීන්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහජන නියෝජිතයින් අතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.