ජනපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ

ජනපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ

by Staff writer 22-10-2019 | 6:48 AM
COLOMBO (News 1st) : ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කර තිබේ. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, ඊයේ සිට එම තැපැල් ජන්ද පත්‍රිකා බෙදාහැරීම ආරම්භ කළ බවයි. ලබන 31 සහ නොවැම්බර් පළමු වන දින ජනාධිපතිවරණයට අදාළ තැපැල් ජන්ද සලකුණු කිරීම සිදුකිරීමට නියමිතයි. අනතුරුව එම සලකුණු කළ ජන්ද පත්‍රිකා නැවත තේරීම්භාර නිලධාරීවරුවන් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකර ඇති බව ඔහු පැවසී ය. මේ අතර ජනාධිපතිවරණයට අදාළ නිළ ජන්ද දැන්වීම් පත්‍රිකා මැතිවරණ කොමිෂන් සභාව විසින් තැපෑලට භාරදීම ලබන 25 වනදා සිදුකරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසී ය. ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර නොවැම්බර් මස 03 සහ 10 වනදා විශේෂිත බෙදා හැරීමේ දින දෙකක් යොදාගනිමින් නිල ජන්ද පත්‍රීකා බෙදා හරින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.