අවුකනදී දුම්රියක් පීලිපනී

අවුකනදී දුම්රියක් පීලිපනී

by Staff writer 22-10-2019 | 7:27 AM
COLOMBO (News 1st) : අවුකනදී දුම්රියක් පීලිපැනීමෙන් ත්‍රීකුණාමලය - මඩකළපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ. ඊයේ රාත්‍රී 11ට පමණ එලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ, කොටුව සිට මඩකළපුව බලා ධාවනයවූ දුම්රියකි. කාර්මික දෝෂයක් හේතුවෙන් ඊට හේතුවී තිබේ. දුම්රියේ මැදිරි 5 කට ආසන්න සංඛ්‍යාවක් පීලිපැනීමට ලක්ව ඇති අතර එම අවස්ථාවේ මගීන් 250 කට ආසන්න පිරිසක් දුම්රියේ ගමන් ගෙන ඇතැයි, පොලීසිය පැවසී ය.