Update: මත්තලට හරවා යැවූ යානා 2ක යළි ත් කටුනායකට

Update: මත්තලට හරවා යැවූ යානා 2ක යළි ත් කටුනායකට

by Staff writer 21-10-2019 | 10:21 AM
COLOMBO (News 1st) : අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්තලට හරවා යැවූ ගුවන් යානා 2ක යළි කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්සවා තිබේ. මෙලෙස අද පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළට හරවා යවා ඇත්තේ සෞදි අරාබිය සහ කුවේට් සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබැස්ස වීමට පැමිණි ගුවන් යානා 02කි. ඒ , කටුනායක ප්‍රදේශයේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙනි. එම ගුවන් යානා අද පෙරවරු 6.15 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීමට නියමිතව තිබිණ. කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකරවරයා ප්‍රකාශ කළේ, අදාළ ගුවන් යානා පෙරවරු 9.30ට පමණ යළි කටුනායක ගුවන් තොටුපළට ළඟා වූ බවයි. --------------------------------------------------------------------------------------------------------------------------- COLOMBO (News 1st) : සෞදි අරාබිය සහ කුවේට් සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබැස්ස වීමට පැමිණි ගුවන් යානා 2 ක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත හරවා යවා තිබේ. ඒ, කටුනායක ප්‍රදේශයේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙනි. කටුනායක ගුවන්තොටුපොළේ කාර්ය භාර කළමනාකරවරයා ප්‍රකාශ කළේ, එම ගුවන් යානා අද පෙරවරු 6.15ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීමට නියමිතව තිබූ බවයි.