මාස 10ක් තුළ ඩෙංගු රෝගීන් 55,894ක්...

මාස 10ක් තුළ ඩෙංගු රෝගීන් 55,894ක්...

by Staff writer 21-10-2019 | 8:53 AM
COLOMBO (News 1st) : වසරේ ගතවූ කාල සීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 55,894 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ , වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ මාසය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍රයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව මේ මාසය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4155කි. ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 72 දෙනෙකු මිය ගොස් ඇතැයි ද වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය. ඩෙංගු රෝගීන්, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය