"අපි පක්ෂ දේශපාලනය නතර කරලා රට බේරගන්නවා"

අපි පක්ෂ දේශපාලනය නතර කරලා රට බේරගන්නවා - ජෙනරල් මහේෂ් සේනානායක

by Staff writer 21-10-2019 | 8:54 PM
COLOMBO (News 1st) - වසර 71ක් මාරුවෙන් මාරුවට ප්‍රධාන පක්ෂ දෙක රට පාලනය කර ජනතාව දුගී තත්ත්වයට පත් කර ඇතැයි ජනාධිපති අපේක්ෂක ජෙනරල් මහේෂ් සේනානායක මහතා අද බණ්ඩාරවෙලදී පැවසුවේ ය. ජෙනරල් මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණයට තරග කරන ජාතික ජනතා පක්ෂයේ විශේෂ කමිටු රැස්වීමක් අද පැවැත්විණි. රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් සේනානායක මහතා මේ බව සඳහන් කළේ ය.