සජිත් ප්‍රේමදාසගේ කාන්තා ප්‍රඥප්තිය එළිදකියි

සජිත් ප්‍රේමදාසගේ කාන්තා ප්‍රඥප්තිය එළිදකියි

by Staff writer 21-10-2019 | 8:32 PM
COLOMBO (News 1st) - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ කාන්තා ප්‍රඥප්තිය අද කොළඹදී එළිදැක්විය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මේ වෙනුවෙන් පැවති සමුළුවට සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේ සිය මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මිය ද සමග ය. මෙරට කාන්තාවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම, සමානාත්මතාව හා සාධාරණත්වය සඳහා දිරිය ඇය වෙනුවෙන් සෙනෙහසේ ඇරඹුම නමින් මේ ප්‍රඥප්තියට ප්‍රේමදාස මහතා අත්සන් කළේ ය. කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සමාජ ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබුණු අතර එහිදී සඳහන් වූයේ ජනාධිපති අපේක්ෂකයෙතු කාන්තා අයිතීන් වෙනුවෙන් මෙවැනි පියවරක් ගත් පළමු අවස්ථාව ලෙස ය.