by Staff writer 21-10-2019 | 8:18 PM
COLOMBO (News 1st) - රට නැවතත් සුරක්ෂිත කළ හැක්කේ තම කණ්ඩායමට පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ, වත්මන් රජයට රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බව ය.
රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ බෙලිඅත්ත නගරයේ පැවති රැළියකට සහභාගී වෙමිනි.
රාජපක්ෂ සමයේ ආරම්භ කළ ව්‍යාපෘති සියල්ලම වත්මන් රජය බලයට පත් වූ පසු නවතා දැමූ බවත් කඩා වැටුණු රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට තම කණ්ඩායමට පැහැදිලි සැලැස්මක් ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ ය.