by Staff writer 21-10-2019 | 8:39 AM
COLOMBO (News 1st) : නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වෙමින් සිටියදී තලෙයිමන්නාරම පියර් මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අවුරුදු 29 සහ 49 වයසේ පසුවන පේසාලේ යාපනය, තලෙයිමන්නාරම සහ මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් මීට පෙර ඉන්දියාවට සංක්‍රමණය වූ පුද්ගලයින් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඔවුන් අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.