by Staff writer 20-10-2019 | 3:48 PM
News 1st - ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස් සිය පෙම්වතා වන කුක් මැරෝනි සමග යුග දිවියට එළඹිය.
ඒ, ඉකුත් පෙබරවාරි මාසයේදී විවාහ ගිවිස ගැනීමෙන් පසුවයි.
අමෙරිකාවේ නිව්පෝර්ට් මාලිගයේහි පැවති මෙම විවාහ මංගලෝත්සවයට ඇඩෙල්, කැමරන් ඩයස්, ක්රිස් ජෙනර්, එමා ස්ටොන්, සියෙනා මිලර් ඇතුළු හොලිවුඩ් සුපිරි තරු රැසක් සහභාගී වූ බව සඳහන් වේ.