සිරස සුපර් මාම් කිරුළ චලනි සහ කුවිනිට

සිරස සුපර් මාම් කිරුළ චලනි සහ කුවිනිට

by Staff writer 20-10-2019 | 10:38 PM

COLOMBO (News 1st) - සිරස සුපර් මාම් ග්‍රෑන්ඩ් ෆිනාලේ වැඩසටහන ඊයේ පස්වරුවේ රත්මලාන ස්ටයින් මැදිරියේදී පැවැත්විය.

එහි ජය හිමි වූයේ බණ්ඩාරගම චලනි සහ කුවිනි. අම්මාගේ ආදරයයි පොඩ්ඩන්ගේ හුරතලයි තේමා කරගත් සිරස සුපර් මාම් වැඩසටහන ආරම්භ වූයේ, මීට මාස 6 කට පෙරදීය. අයැදුම්කරුවන් දස දහසක් පමණ ඊට සහභාගි විය. අදියර 9 ක් යටතේ පැවැති වැඩසටහනේ අවසන් මහා තරගයට තිදෙනෙක් සුදුසුකම් ලැබීය. චලනි සහ කුවිනි සුපර් මාම් කිරුළ බණ්ඩාරගමට රැගෙන ගියේ ය.