දුරදිග ගිය බහින්බස්වීම පුද්ගලයෙකුට මරු කැඳවයි

වේයන්ගොඩදී තියුණු ආයුධකයින් පහර දී පුද්ගලයකු ඝාතනය කෙරේ

by Staff writer 20-10-2019 | 10:10 AM

COLOMBO ( News 1st ) - වේයන්ගොඩ, කුඹල්ඔලුව ප්‍රදේශයේදී අද අලුයම තියුණු ආයුධකයින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහර දීම සිදු කර ඇති බව ය. මෙහිදී පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. පහර දීමෙන් මියගොස් ඇත්තේ 29 හැවිරිදි කොට්ටල, වේයන්ගොඩ පදිංචිකරුවෙකි. මෘත ශරීරය වතුපිටිවල රෝහල් තැන්පත්කර තිබේ. ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.