ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

වාරියපොලදී ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

by Staff writer 20-10-2019 | 8:36 AM

COLOMBO ( News 1st ) - වාරියපොල බෙලිගහවත්ත ප්‍රදේශයේදී බෝර 12 ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ කුරුණෑගල නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ, උහුමීය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අද වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.