මාධ්‍ය භාවිතය ගැන අපේක්ෂකයින්ට දැනුම් දීමක්

ලබාදෙන නිදහස් ගුවන් කාලයෙන් වෙනත් අපේක්ෂකයින් ප්‍රවර්ධන තහනම් - මැතිවරණ කොමිසම

by Staff writer 20-10-2019 | 7:25 AM

COLOMBO ( News 1st )  - ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ලබාදෙන නිදහස් ගුවන් කාලය වෙනත් අපේක්ෂකයින් ප්‍රවර්ධනය සඳහා භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බව ජාතික මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ලබාදෙන නිදහස් ගුවන් කාලය මේ වනවිට ක්‍රියාත්මක වේ. ඒ යටතේ සෑම ජනාධිපති අපේක්ෂකයෙකුටම රාජ්‍ය රූපවාහිනය සහ රාජ්‍ය ගුවන් විදුලිය ඔස්සේ ජනතාව ඇමතීමට විනාඩි 45 බැගින් ගුවන් කාලයක් හිමි වේ. මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු පැවසුවේ එම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අපේක්ෂකයාගේ කතාව පටිගත කර පරීක්ෂා කිරීමකින් අනතුරුව ප්‍රචාරය කිරීමට මෙවර පියවර ගෙන ඇති බව ය. හඩපටය පරීක්ෂා කිරීමේදී එහි වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය පිණිස අදහස් දක්වා ඇති බව හෙළි වුවහොත්, එය ප්‍රචාරය නොකිරීමට පියවර ගන්නා බව ද එම නිලධාරියා පැවසුවා ය. ජනාධිපතිවරණය සඳහා මෙවර තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 35 කි.