රන් බිස්කට් සමග Duty free සේවකයෙකු දැලේ

රු. ලක්ෂ 320ක රන් බිස්කට් සමග කටුනායක Duty free සේවකයෙකු දැලේ

by Staff writer 20-10-2019 | 2:29 PM

COLOMBO ( News 1st ) - රන් බිස්කට් 40ක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු අත්අඩංගුවට ගෙන තිබේ. 

එම රන් බිස්කට් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 320 කි. අත්අඩංගුවට ගත් සැකකරු ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්සු සංකීර්ණයේ සේවකයෙකු බව සඳහන් වේ. සැකකරුට මෙම රන් බිස්කට් තොගය ලැබුණේ කෙසේද යන්න පිළිබඳව රේගුව විමර්ෂණ ආරම්භ කර තිබේ.