හෙරොයින් ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට

පෑලියගොඩදී හෙරොයින් ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 20-10-2019 | 8:45 AM

COLOMBO ( News 1st ) - පෑලියගොඩ, වනවාසල ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ නිරතව සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බව ය. ලද තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ප්‍රමාණය ග්‍රැම් 51යි මිලිග්‍රැම් 10 ක් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ 10 සහ පෑලියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.