පැය 24 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 96 ක්

පැය 24 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 96 ක් - මැතිවරණ කොමිෂන් සභාව

by Staff writer 20-10-2019 | 3:22 PM

COLOMBO (News 1st) - පැය 24 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 96 ක් ලැබී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ඊයේ පස්වරු 4.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 92 ක් සහ වෙනත් පැමිණිලි 4 ක් ලැබී ඇති බවයි. පසුගිය 8 වැනි දා සිට දින 11 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1034 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.