නිල සංචාරයක් සඳහා ජනපති අද ජපානයට

නිල සංචාරයක් සඳහා ජනපති අද ජපානයට

by Staff writer 20-10-2019 | 12:36 PM

COLOMBO ( News 1st ) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ ජපානය බලා පිටත් වේ.

ඒ, ලබන අඟහරුවාදා පැවැත්වෙන ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහා ය. නරුහිතෝ අධිරාජ්‍යයා මසාකෝ අධිරාජිනිය සමග සම්ප්‍රදායානුකූලව රජ ඇඳුමින් සැරසී ඉම්පිරියෙල් මාළිගයේ ප්‍රධාන ශාලාවට පැමිණීමත් සමග උත්සවය නිල වශයෙන් ආරම්භ වීමට නියමිත ය. එංගලන්තයේ චාල්ස් කුමරු, සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරු ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් ඊට ඇරයුම් ලැබූවන් අතරට අයත් බව ද වාර්තා වේ.