දකුණු සහ ගිණිකොන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළට

දකුණු සහ ගිණිකොන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළට

by Staff writer 20-10-2019 | 1:43 PM

COLOMBO ( News 1st ) - දිවයිනට දකුණු සහ ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් සුළඟේ වේගය පැයට කිලෝමිටර් 70-80 ක් දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, අද පස්වරුව දක්වා මෙම තත්ත්වය පැවතිය හැකි බව ය. ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී. මේ අතර දකුණු සහ ගිණිකොන දිග මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බැවින් එක් දින සහ කුඩා ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වැළකී සිටීම වඩා සුදුසු බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.