ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 20-10-2019 | 7:04 AM
දේශීය පුවත් 1. පැය 24ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 87ක් – මැතිවරණ කොමිසන් සභාව: පැය 24 ක කාලයක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 87 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසයි 2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ගෝඨාභය රාජපක්ෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ. ඒ, බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේදීයි. 3. මැතිවරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට: ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 4. දිස්ත්‍රික්ක 4 කට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කෙරේ:අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4 කට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ඊයේ පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක විය. 5. අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්:පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විදෙස් පුවත් 1. ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 62 දෙදෙනෙකු මරුට: ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 62 දෙදෙනෙකු මිය ගොස් තිබේ.