රිය අනතුරකින් අඹුසැමි යුවලක් මියයයි

කුරුණෑගල - මීගමුව මාර්ගයේ රිය අනතුරකින් අඹුසැමි යුවලක් මරුට

by Staff writer 20-10-2019 | 8:42 AM

COLOMBO ( News 1st ) - කුරුණෑගල මීගමුව මාර්ගයේ වීරඹුගෙදර බුලුපිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් අඹුසැමි යුවලක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ජිප් රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව ය. අනතුරකින් මියගොස් ඇත්තේ 25 හා 30 හැවිරිදි අඹුසැමි යුවලකි. ඔවුන් විරඹුගෙදර ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ. අනතුරෙන් තුවාල ලැබූ ඔවුන්ගේ මව ද රෝහල්ගත කර තිබේ. ඒ සම්බන්ධයෙන් ජිප් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.