පස්වරු 2න් පසු ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකියි..

පස්වරු 2න් පසු ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකියි..

by Staff writer 20-10-2019 | 8:53 AM

COLOMBO ( News 1st ) - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල වැසි වැඩිවීම අපේක්ෂා කළ හැකි බව ය. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර අධික වර්ෂාවත් සමග කෑගල්ල, රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.